තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර,උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසිතත්ත්වය අද රාත්‍රී කාලයේ සිට (විශේෂයෙන් දෙසැම්බර් මස 04 සහ 05 දිනවල) වැඩිවේ යැයි බලාපොරොත්තුවේ.
උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලසහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවලප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර, මුලතිව්,නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලඇතැම් ස්ථාන වලට මි.මී. 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් දඋතුරුමැද, සබරගමුව,දකුණු, බස්නාහිර පළාත්වල සහමාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චිසහවවුනියාවදිස්ත්‍රික්කවලඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. (අනුරාධපුරය, පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ සහ කොළඹ)
දිවයින හරහා විශේෂයෙන්ම වයඹ, දකුණු, මධ්‍යම, ඌවසහ උතුරු මැද පලාත්වල විටින් විට හමන පැ.කි.මි 55 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
762 Views
Comments