ජනාධිපති ගෝඨාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ - ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරනවා.
එනිසා ඉන්දියාව මැදිහත් වී එම පළාත් සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යැයි ද ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී පල කරන ලද අදහස්වලින් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
අද වන විට රට තුළ යුද්ධයක් නැති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන විසඳුම තුල ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුව ඇති බවද සඳහන් කළා.
- LankaCnews
985 Views
Comments