ජනපති ගෝඨාභයට එරෙහිව විරෝධතා පැවැත්වූ වයිකෝ පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ජනපති ගෝඨාභයට එරෙහිව විරෝධතා පැවැත්වූ වයිකෝ පොලිස් අත්අඩංගුවට

ජනපති ගෝඨාභයට එරෙහිව විරෝධතා පැවැත්වූ වයිකෝ පොලිස් අත්අඩංගුවට

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඉන්දීය සංචාරයට විරුද්ධව නවදිල්ලි නුවර විරෝධතාවක් සංවිධානය කළ ඉන්දියාවේ තමිල්නාඩුවේ එම්.ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඉන්දීය පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

අද පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එයට සම්බන්ධව සිටි තවත් පිරිසක්ද පොලීස් භාරයට ගෙන තිබේ.

 

ඉන්දීය පාර්ලිමේන්තු පාරේ පොලීසිය විසින් මෙම රඳවා ගැනීම සිදුකර තිබෙනවා.

 

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් නව දිල්ලිනුවර බලා පිටත්ව ගියා.

views

2265 Views

Comments

arrow-up