“රනිල් මම හිට්ලර් කියනකොට හිනා යනවා” - අනුර කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

“රනිල් මම හිට්ලර් කියනකොට හිනා යනවා” - අනුර කියයි

“රනිල් මම හිට්ලර් කියනකොට හිනා යනවා” - අනුර කියයි

කලිසම දෙපැත්තෙන් ඔසවමින් පාර්ලිමේන්තුවේ දී නැගී සිටි රනිල් වික්‍රමසිංහ තමන් හිට්ලර් බව කියනවිට හිනා යන බවත්, හිට්ලර් මැරුණේ තමන්ම වෙඩි තබාගෙන බවත්   ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහියංගනයේ දී පැවසුවේය.

 

ඔහු කීවේ නිල ඇඳම් දමාගෙන සිටින්නේ මේ රටේ ගම්මානයන්හි දුක් විඳින පවුල්වල දරුවන්  මිස රනිල්ගේ අය නොවන බව ඔහු දැනගත යුතු බවය.

 

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

 

රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා කියනවා එයා හිට්ලර් වගේ ලු. එයා පාර්ලිමේන්තුවෙ නැගිටලා කලිසම දෙපාරක් උස්ස උස්ස මම හිට්ලර් වගේ කියනකොට හිනාත් යනවා.

ඇත්තටම හිට්ලර් අන්තිම මොහොතෙ තමන් වෙඩි තියාගෙන මැරුණෙ. හිටලර් ජීවත් වුනා නම් තව පාරක් වෙඩි තියා ගන්නවා.

එයා මොනවද කියන්නෙ… ජනතාව නැගිටින්න එපා. මම හදිසි නීතිය දානවා. ජනතාව නැගිටින්න එපා මම හමුදාව කැඳවනවා.

හමුදාවෙ සියයට අනූවකට වඩා සාතිෂය බහුතරය අපේ අම්මලගෙ තාත්තලගෙ දරුවො. පොලිසියෙ සියයට අනූවකටත් වඩා මේ අම්මලගෙ තාත්තලගෙ දරුවො. මහියංගනයේ අම්මලා තාත්තලගෙ දරුවො කීදෙනෙක් පොලිසියෙ ඉන්නව ද?

ඒ දරුවො දන්නවා තමන්ගෙ දරුවන්ට අත්පත් වී තියන ඉරණම. තමන්ට අත්වෙලා තියන විනාශය. තමන්ගෙ අම්මලා තාත්තලගෙ කුඹුරට වෙලා තියන විනාශය.

ඒ සියල්ල දන්නවා. යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නවා. ඔච්චරයි වෙනස.  මේ අපේ අය. රනිල් වික්‍රමසිංහ වෙන්නෙ කොහොම ද?

 

 

views

40 Views

Comments

arrow-up