සංචාරක වීසා මත පන්දාහක් ඩුබායි ගිහින්!
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

සංචාරක වීසා මත පන්දාහක් ඩුබායි ගිහින්!

සංචාරක වීසා මත පන්දාහක් ඩුබායි ගිහින්!

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා මෙරටින් පන්දහසකට වැඩි පිරිසක් ඩුබායි රාජ්‍ය බලා පිටත් වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

 

මෙලෙස ගිය ඇතැම් පිරිස් සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් ලෙස සකස් කරගෙන ඇති බවද වාර්තා වනවා.

 

කෙසේ වෙතත් දැනට ඩුබායි වෙත ගොස් සිටින විවිධ සිද්ධීන් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින කාන්තාවන් ඇතුලු පුද්ගලයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික වැඩසටහන හරහා කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ.

 

views

74 Views

Comments

arrow-up