කොරෝනා නිසා අසරණ වූ පවුල් වල පිහිටට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පෙරට එයි

නව කොරෝනා වෛරසය ( covid-19) හේතුවෙන් මේ වන විට මුලු දිවයිනටම ඇදිරිනීතිය පනවා තිබෙනවා. ඒ හේතුවෙන් පවුල් රැසක් අපහසුතාවන්ට පත්ව සිටින අතර ඔවුනට පිහිට වීම සඳහා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
ඒ ඔවුන් විසින් පිහිටුවාගෙන තිබෙන සකුරා ශ්‍රී ලංකා සංවිධානය හරහායි එහි පළමු පියවර ලෙස අම්පාර ප්‍රදේශයේ අසරණ පවුල් සියයක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම 30/3 දින සිදුවුණා. ප්‍රදේශයේ විහාරස්ථාන හරහායි මෙම ද්‍රව්‍යමය ආහාර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන්නේ.
ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක පවුල් 10000ක් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග සිදු කිරීමට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කටයුතු සූදානම් කොට තිබෙනවා.
ඒ සදහා ජපානයේ වෙසෙන පරිත්‍යාගශිලි ශ්‍රීලංකිකය න්ගේ ආධර සකුරා ශ්‍රීලංකා සංවිදානය අපේක්ෂා කරනවා
ශ්‍රී ලංකාව මීට පෙර මුහුණ පෑ හදිසි ගංවතුර ආපදා තත්ත්වයන්හිදී ද සකුරා ශ්‍රී ලංකා සංවිධානය ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කළා.
969 Views
Comments