කොරෝනා වලින් පළමු ලාංකික මරණය වාර්ථා වෙයි

COVID 19 - නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකි.
ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ පත් වූ මුල්ම ලාංකිකයා ඔහු යැයිද එම ඉතාලි ආරංචි මාර්ග කියා සිටී.
මෙම ලාංකිකයා මෙසීනා ප්‍රදේශයේ කලක පටන් ජීවත් වන අයෙකු වන අතර මෙම මරණය එම ප්‍රදේශයේ සිදු වූ දෙවැනි කොරෝනා මරණය යැයිද පැවසේ.
කොරෝනා වයිරසය ආසාදනය වු මෙම ලාංකිකයා මෙසීනා නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) එම සාත්තු නිවාසයේ දී මරණයට පත් වී ඇත.
වයිරසය හේතුවෙන් එම ලාංකිකයාට දැඩි ශ්වසන අපහසුතා පෙන්වීමත් සමග ඉතාලි වෛද්‍යවරුන් ඔහුව හදිසි ප්‍රතිකාර සදහා වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිත සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ඡායාරූපය අන්තර්ජාලයෙන්...
860 Views
Comments