යුද හමුදා කර්නල්ට, පුතාට කොරෝනා මව අසාධ්‍ය තත්ත්වයේ

කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර ඇත.
යුද හමුදා කර්නල්වරයා පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ අංගොඩ පිහිටි අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර පුතා සහ මව ද එම රෝග ලක්ෂණම පෙන්නුම් කළ නිසා වේරහැර රෝහලට ප්‍රතිකාර සඳහා ඊයේ (24 වැනිදා) ඇතුළත් කර ඇත.
මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය. එම රෝහලේම කාර්ය මණ්ඩලයේ අයකු මගින් කර්නල්වරයාට රෝගය ආසාදනය වන්නට ඇතැයි සැකපහල වී තිබේ.
1863 Views
Comments