නිරෝධායනයට ලක්වු තවත් 208ක් අද නිවෙස් වෙත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

නිරෝධායනයට ලක්වු තවත් 208ක් අද නිවෙස් වෙත

නිරෝධායනයට ලක්වු තවත් 208ක් අද නිවෙස් වෙත

නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් පිරිසක් අද(25) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ.

 

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පුද්ගලයන් 208 දෙනෙකු අද දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිත බවයි.

 

නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 313 දෙනෙකු ඊයේ(24) සිය නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබීය.

 

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට අදහස් දක්වමින් මේ බව පැවසීය.

 

මේ අතර නිරෝධායනයට ලක් නොවන පුද්ගලයින් සම්බන්ධයෙන් අද දිනයේ සිට නීතිය ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ පොලීසිය හා එක්ව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

 

 

views

668 Views

Comments

arrow-up