ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීම තහනම් නියෝගය දිගු කරයි

පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද (09දා) නියෝග කළා.
ඒ එම නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවය. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී ඇයට අද (09දා) තෙක් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරිමට අධිකරණයට කටයුතු කළා.
මේ අතර අදාළ සේවිකාවගෙන් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක පමණ ප්‍රකාශයක් ලබාගත් අතර අද දිනයේදීත් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.
604 Views
Comments