සුප්‍රකට සුමධුර ධර්ම දේශක කාශ්‍යප හිමි මාරාන්තික උපවාසයක් අරඹයි

මෙරට සුප‍්‍රකට සුමධුර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් අද පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී උන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අත්සන් තැබීමට යෝජනා කර ඇති මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධවයි.
භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටින අතර පවාසය ආරම්භ කරන ලද්දේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේයි.
උපවාසය ආරම්භ කිරීමට පෙරාතුව උන්වහන්සේ කියා සිටියේ අදාළ ගිවිසුම අහෝසි කරන බවට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් ප්‍රකාශයක් කරන තෙක් උපවාසය අත් නොහරින බවයි.
එම්.සී.සී. ගිවිසුම මේ වනවිට රට පුරා මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.
798 Views
Comments