ඇල්ල- වැල්ලවාය මාර්ගය අදත් වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ඇල්ල- වැල්ලවාය මාර්ගය අදත් වසා දැමේ

ඇල්ල- වැල්ලවාය මාර්ගය අදත් වසා දැමේ

ඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල  කි.මි. 24 සහ 25 අතර  ප්‍රදේශයට  ගල්කඩාවැටීමේ අවදානම නිසා වසා දැමූ මාර්ගය එහි ඇති අනාරක්ෂිත තත්ත්වය සළකා  තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව  බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද (29) පැවසුවා.

 

අඩි 150  පමණ ඉහල සිට නාය ක්‍රියාත්මක වී ගල් කඩාවැටී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

 

තව දුරටත් කඩාවැටීමේ අවදානමක් ඇති  පර්වතයේ ඉහළ කොටසේ දැවැන්ත  ගල් ඉවත්කිරීමේ කටයුතු  ඒ පිළිබදව දැනුමක් ඇති  පුද්ගලික සමාගමකට පැවරීම සඳහා  කටයුතු කරගෙන යන  බවයි දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කළේ.

 

එතෙක් මාර්ගයට වැටි ඇතිපස් හා ගල් ඉවත්කිරීමට මාර්ගය සංවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටින අතර එතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

විකල්ප මාර්ග වන්නේ  බණ්ඩාරවෙල  - කොස්ලස් පූනාගල මාර්ගය ,   හෝ බණ්ඩාරවෙල  අඹදණ්ඩේගම-මාර්ගයයි.

 

ඇල්ල නගරයට හා   මේ ආපදා තත්වය කිසිසේත්ම බලපා නැති අතර එහි සංචාරක හෝටල් හා නවාතැන ස්ථාන පුරුදුපරිදි ක්‍රියාත්මකයි.

views

862 Views

Comments

arrow-up