සියලු වාහන වල අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ස්ටිකර් ඉවත් කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

සියලු වාහන වල අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ස්ටිකර් ඉවත් කරන්න

සියලු වාහන වල අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන  ස්ටිකර් ඉවත් කරන්න

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින්         
මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් හෝ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී තිබේ.

 


එවැනි ක්‍රියාවක් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වු පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් වන බැවින්, පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල ස්ටිකර් අලවා ඇත්නම් වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු වෙයි.

 


පෞද්ගලික බස් හා ත්‍රීරෝද රථ ඇතුළු සියලූම පෞද්ගලික වාහනවල අලවා ඇති ඉහත දැක්වු වර්ගයේ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම සිදු කිරීමට ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත හා කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත ද ඒ මඟින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් කඩිනමින් නිකුත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දී තිබේ.

 

 

views

862 Views

Comments

arrow-up