දෙනුවර මැණිකේ පළවෙනිදා සිට බදුල්ලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

දෙනුවර මැණිකේ පළවෙනිදා සිට බදුල්ලට

දෙනුවර මැණිකේ පළවෙනිදා සිට බදුල්ලට

උඩරට දුම්රිය මාර්ගයේ පවතින අධික මගී ඉල්ලුම සැලකිල්ලට ගනිමින්  S-14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

 

එම දුම්රිය දෙනුවර මැණිකේ ලෙස නම් කර ඇති  අතර මෙම සුඛෝපභෝගී දුම්රිය ලබන මස පළමු වනදා සිට කොළඹ සිට බදුල්ල දක්වා ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන මෙම දුම්රිය පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 3 කින් සමන්විතයි. මෙම සියළුම පන්තිවල ආසන කලින් වෙන්කර ගත හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

 


මෙම සුඛෝපභෝගි දුම්රියේ සියළු මැදිරි සදහා මහජන ඇමතුම් පද්ධතියක්ද ස්ථාපිතයි. පළමු පන්තියේ වායු සමනය කළ මැදිරි තුළ රූපවාහිනි, ජංගම දුරකතන ආරෝපන පහසුකම්වලින්ද යුක්ත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.                           

 

views

627 Views

Comments

arrow-up