ජනපති මෛත්‍රීට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ජනපති මෛත්‍රීට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි

ජනපති මෛත්‍රීට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම එළැඹෙන නොවැම්බර් 16 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ මරණ දඬුවමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් අද දිනයේදීත් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

 

මේ අනුව සිය ජනපතිධුර කාලසීමාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව අහිමි වෙයි.

 

නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණයෙන් අනතුරුව ඔහු සිය ධුරයට සමුදීමට සිදුවීම එයට හේතුවයි.

 

පසුගියදා කොළඹදී පැවැති උත්සවයකදීද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ තමා විශ්‍රාම යාමට ප්‍රථමව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව තීන්දුවක් දෙන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවයි.

views

771 Views

Comments

arrow-up