පාපිස්සෙන් බිකිනියට ගිය ශ්‍රී ලංකා ධජය (PHOTOS)

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් පසුගියදා පළ කර තිබූ අතර සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එම දැන්වීම් ඉවත් කර තිබුණා.
නමුත් පාපිස්නා සහ පාවහන් වෙනුවට ලාංකීය ධජය ඇතුලත් කාන්තා බිකිනි වල වෙළඳ දැන්වීම් ඉවත් කිරීමට එම වෙබ් අඩවිය තවමත් කටයුතු කර නොමැති බවයි වෙබ් අඩවියට පිවිසි අපට අද දිනයේ දැක ගත හැකි වූයේ.
ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීනය පවසන පසුබිමකයි මෙවන් තත්වයක් උදා වී තිබෙන්නේ.
අදාළ භාණ්ඩ නිෂ්පාදකවරුන් ගැන සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද දැනුම්දීමක් කරනු ලැබ තිබෙනවා.
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් ලෙස ශ්‍රී ලංකා ජාතික ධජය සහිත මෙවන් නිෂ්පාදන දෙස බොහෝ ලාංකිකයන් සිය අප්‍රසාදය පළ කර තිබෙනුද දක්නට ලැබුණා.
1138 Views
Comments