සීනි බදු වංචාවට එරෙහිව ජ.වි.පෙ අධිකරණයට

ආනයනික සීනි සඳහා පනවා තිබු බදු අඩු කිරීම හරහා රජයට රුපියල් බිලියන 15.9ක අති විශාල මුදලක් අහිමි කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.
ජනතාවට ලැබිය යුතු සහන නොලැබීම හමුවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන බවයි පක්ෂය සඳහන් කලේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් අද පෙරවරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම පැමිණිල්ල ගොනුකිරීමට නියමිතයි.
831 Views
Comments