පස්වරු 1.00 න් පසු අදත් ප්‍රදේශ රැසකට වැසි

අද දිනයේ නැගෙනහිර සහ උෟව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සහ ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ප.ව. 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මෙම ප්‍රදේශවල සමහර ස්ථානවල මිලිමීටර 50 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.
උදේ කාලයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලද වැසි අපේක්ෂා කළ හැකිය.
මධ්‍යම, සබරගමුව, උෟව සහ බස්නාහිර පළාත්වල සමහර ස්ථානවල උදේ වරුවේ නොපැහැදිලි තත්වයන් අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව හමා යන තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
පුත්තලම් සිට පොත්තුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං උතුරේ සිට නැගෙනහිරට වන්නට ඇති වේ. සුළඟේ වේගය 25-30 Km/h වේ. ගාල්ලේ සිට පොතුවිල් දක්වාත් පුත්තලමේ සිට මන්නාරම හරහා කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 40-50 දක්වා සුළං වේගය වැඩි විය හැකිය.
ගාල්ලේ සිට පොතුවිල් දක්වා හම්බන්තොට හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ ඉතා රළු මුහුද අපේක්ෂා කළ හැකිය.
747 Views
Comments