අපොස උසස් පෙළ විභාගයේදී සිසුන් ගන්නා ඉසෙඩ් අගය මත රැකියා අවස්ථා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

අපොස උසස් පෙළ විභාගයේදී සිසුන් ගන්නා ඉසෙඩ් අගය මත රැකියා අවස්ථා

අපොස උසස් පෙළ විභාගයේදී සිසුන් ගන්නා ඉසෙඩ් අගය මත රැකියා අවස්ථා

අපොස උසස් පෙළ විභාගයේදී  සිසුන් ගන්නා ඉසෙඩ් කෝ ලකුණු මත රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු යැයි සඳහන් පෞද්ගලික මන්ත්‍රී   යෝජනාවක් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  පාර්ලිමේන්තුවට අද (12)  ඉදිරිපත් කළේය.



මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ  විවාදයට ගැනිණ.



ඩලස් අලහප්පෙරුම  මහතා විවාදයේදී  මෙසේ පැවසීය.

 


රැකියා ලබාදීමේදී දක්ෂ සහ සුදුසුකම් සහිත දරුවන්ට අවස්ථාව හිමි කළ යුතුයි. සියලුම ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේදී මෙය  සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්. තරුණ නැගිටීම් තුනක් ඇතිවුණු රටක් මේක. තරුණ අසහනයට පිළියම් ලෙස යෝජනා රැසක්  ඉදිරිපත් වුණා. මැතිවරණ වෙළඳපොළේ ඉහළම ලංසුව අද  ලැබෙන්නේ රැකියාවට. බදුල්ලේ දැනුත් රැකියා පෝරම බෙදනවා. ඒ තත්වය යම් විදියකට මුළුනුපුටා දැමීමට තමයි මම මේ යෝජනාව කරන්නේ.  දේශපාලනඥයන් තමන්ගේ හිතවතුන්ට රැකියා ප්‍රදානය කිරීම අලුත් දෙයක් නොවෙයි.  විලාසිතාවක් නොවෙයි. මෙතැනදී සුදුසුකම් තියෙන අය පැත්තකට යනවා. මේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තියන්න ඕන. තරුණ පරපුර පහුගිය කාලෙ ඉල්ලුවේ  සිස්ටම් චේන්ජ්  එකක්. මේ වෙනස නිකන්ම එන්නේ නැහැ. අප මැදිහත් වෙන්න ඕන.

views

208 Views

Comments

arrow-up