ඓතිහාසික රුහුණු මහා කතරගම ඇසළ සැනකෙළිය ඇරඹෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අද දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.
ලෝකයේ ආගම් තුනක (03) බැතිමතුන් එකට එක්ව එකම පුදබිමක සිට දෙවියන් අදහන සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වන කතරගම පුජා භුමියේ පිහිටි මුස්ලිම් පල්ලියේ පවත්වන විශේෂ උත්සවයක් වන සාමයේ කොඩිය එසවීම අද සවස සිදුවිය.
මුස්ලිම්,හිංදු සහ බෞද්ධ බැතිමතුන් විශාල මෙම අවස්ථාවට එක් වු අතර රැහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති කපුගම සරණතිස්ස හිමියන්,රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි කතරගම , මුස්ලිම් දේවස්ථානයේ සභාපති සහ කර්‍ය මණ්ඩලය සහා මුබාරක් මව්ලානා, හිංදු පුජක තංගවෙල් කුරැක්කල් සාමි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර, මොණරාගල දිස්ත්‍රික් ලේකම් එස්. බි.රත්නායක යන රාජ්‍ය නිළධාරිහු ද මෙම අවස්ථාවට එක් වූහ.
සියල්ල ජාතින්ට අයත් බැතිමතුන් මෙම අවස්ථාවට එක්විය.
253 Views
Comments