බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්වෙයි

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර අද ((5) රාත්‍රි පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
රාත්‍රි තැපැල් දුම්රිය ඉන්ජින් දෙකකින් සමන්විත අතර , දුම්රියේ ඉදිරිපස ඉන්ජිම බණ්ඩාරවෙල දියතලාව අතර ඇති පාලම උඩදී මෙසේ පිලීපැනිමට ලක් ව ඇති බවද දුම්රිය ප්‍රකාශයකු කීය .
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1017 දරන විශේෂ සීග්‍රගාමි දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .
බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආපදා සේවකයන් දුම්රිය පීලීගත කිරිමට පිටත් කර යැවීමට කටයුතු සිදු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු වැඩිදුරටත් සදහන් කළහ .
219 Views
Comments