JUL
06
කුඩු ගෙන්වූ කෝටිපති ව්‍යාපාරිකයා මාට්ටු - මේ දිනවල දැඩි කතාබහකට ලක්වූ නිරූපන ශිල්පිනියක් නමින් ලියාපදිංචි සුපිරි මෝටර් රියකුත් ඔහු ලඟ

ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සැඟව සිටියදී නාවලදී අත්අඩංගුවට ගත් අතර ඔහු කුලී පදනම මත රැඳී සිටි නිවසේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනුණි.
මේ දිනවල දැඩි කතාබහකට ලක්වී ඇති නිරූපන ශිල්පිනියකගේ නමින් එය ලියාපදිංචිවී ඇති බවද පොලීසිය පැවසීය.
රුපියල් කෝටියක මුදලක් ලබාදී ඔහු එය මිලදීගෙන ඇති අතර ඉතිරි මුදල ලබාදීමට නියමිත බවද සැකකරු විමර්ශන නිලධාරින්ට පවසා තිබේ.
230 Views
Comments