රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට මූලික පියවර ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට මූලික පියවර ගැනේ

රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට මූලික පියවර ගැනේ

රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අදාල මූලික කටයුතු ආරම්භ කර තිබෙන බව නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

 

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි බවට පැවසෙන ස්පුට්නික් එන්නත සාර්ථකත්වය පෙන්වා ඇති බවයි රුසියානු වාර්තා පෙන්වා දෙන්නේ.

 

ජර්මනිය සහ ඇමරිකා සමාගම් වලින් නිෂ්පාදිත fizer biontech එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පාරිසරික සාධක සහ දැරිය යුතු අධික පිරිවැය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි කතා බහට ලක්වුණා.

 

ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද සඳහන් කළේ fizer එන්නත ලංකාවට පාරිසරික තත්වයන් යටතේ යෝග්‍ය නොවන බවයි

 

රුසියාවේ නිපද වූ එන්නත සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නොපවතින බවයි සඳහන් වන්නේ.

 

ඊයේ රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති සහ කරල් නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා රුසියානු එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළේ.

 

 

 

views

567 Views

Comments

arrow-up