කොවිඩ් රෝගීන් සඳහා පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව

කොවිඩ් රෝගීන් සඳහා පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
රටතුළ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන පෞද්ගලික රෝහල්වල සහයත් ලබා ගැනීමට සාකච්ඡා කළ බව ඔහු කියා සිටියා
ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ ,
“කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ තිබ්බ රෝහල්වලට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන අපි රෝහල් බවට පත්කරනු ලැබුවා.
අද තත්ත්වය බැලුවත් 8,000කටත් අධික කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් 65%ක් පමණ ප්‍රමාණයක් ඉන්නේ රෝහල් තුළ නෙමෙයි. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වන ඊට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ස්ථානවල. සමහර පිරිසක් ඉන්නවා
ඒ අය පෞද්ගලික රෝහල්වලින් තමයි ප්‍රතිකාර ලබන්න කැමති. රජයේ රෝහල්වල පහසුකම් හෝ වැසිකිළි පහසුකම්වල අපහසුතාවයන් හින්දා ඒ අය එවැනි තැන්වලට කැමති නෑ.
තනි කාමරවල පහසුකම් යටතේ ප්‍රතිකාර ලබන්න ඔවුන්ට අවශ්‍යයි.
මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමාත් අපිට උපදෙස් දීලා තිබුණා.
මේ සම්බන්ධයෙන් අපි විවිධ සාකච්ඡා සිදුකළා. මමත් සෞඛ්‍ය අමාත්‍යතුමියත් ගිය සතියේ පෞද්ගලික රෝහල්වල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා.
කොළඹ තිබෙන ප්‍රධාන රෝහල්වලට අපි කතා කළා.
ඒ අනුව මේ වනවිට නවලෝක රෝහල සහ ලංකා හොස්පිටල් අපිට දැනුම්දීලා තියෙනවා මේ සම්බන්ධව කටයුතු කරන්න.
ඒ අනුව නිසි ක්‍රමවේදයකට හෝටලයක් රෝහලක් බවට පත්කරලා මේ අයුරින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යන්න කටයුතු කරමින් යනවා.
විශේෂයෙන්ම කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ආසාදනය වෙන රෝගීන් සඳහාම රෝහලක් බවට මෙය පත්කරලා පවත්වාගෙන යෑමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”
යනුවෙන් ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
649 Views
Comments