ජ'පුර සරසවි සිසුවියකටත් කොරෝනා ආසාදිත බව තහවුරු වෙයි

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.
පසුගිය 4 වනදා එම රෝහලට ඇතුලත් කළ දැඩි සත්කාර ඒකකයේම සේවය කළ හෙදියකගේ දියණියට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බව පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මිය සඳහන් කළා.
හෙද නිලධාරිනියගේ දියණිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසරේයි ඉගෙනුම ලබන්නේ.
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රාජකාරී කළ අදාළ හෙදිය සහ එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
779 Views
Comments