ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සියදිවි නසා ගන්නේ පිරිමි – 2020 දත්ත වාර්තා හෙළි කරයි

රැකියා විරහිතභාවය හා ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට පුද්ගලයින් විශාල පිරිසක් සියදිවි නසාගන්නා බවට අනාවරණය වි තිබෙනවා.
ඒ අතුරින් පිරිමි පුද්ගලයන් වැඩි පිරිසක් සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
2020 වසරේ මේ දක්වා ගතවු කාලය තුළ මෙරට පුද්ගලයින් 779 දෙනෙකු සියදිවි හානි කර ගෙන ඇතැයි සඳහන්.
සියදිවි නසාගත් පුද්ගලයින් 779 දෙනා අතරින් 635 දෙනෙකු පිරිමි පුද්ගලයන් වනවා. අනෙක් 144 දෙනා කාන්තාවන්.
රැකියාවේ අනාරක්ෂිතභාවය, පවුල හා සම්බන්ධ අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකි වීම, ණය ගැනීම් මත පදනම් වු පිඩනය හේතුවෙන් සිදුකර ගත් සියදිවි නසා ගැනීම් ඉහළ මට්ටමක පවතින බවයි එම සමීකෂණයෙන් අනාවරණය වී ඇත්තේ.
කාන්තාවන් වැඩි පිරිසක් ගෘහස්ත හිංසනය හේතුවෙන් හටගන්නා මානසික පීඩනයන් නිසා සියදිවි නසා ගැනීමට පෙළඹි තිබෙනවා.
අනුරාධපුර, වව්නියාව, මොනරාගල ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල අඩු අදායම් ලාභි පවුල් ආශ්‍රිතව සමස්ථ සියදිවි නසාගැනීම්වලින් වැඩි පිරිසක් වාර්තා වනවා.
848 Views
Comments