නීති විරෝධී කහ තොගයක් මන්නාරමේදී නාවික හමුදාව භාරයට

මන්නාරම, තාල්පාඩු වෙරළේ සිදු කළ මෙහෙයුමකදී කහ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ, එම මෙහෙයුමේදී වෙරළ තීරයට පැමිණි සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ගෝනි මලු 19 කින් අසුරන ලද කහ කිලෝග්‍රෑම් 902 කට අධික තොගයක් සොයාගත් බවයි.
සැකකරුවන් මන්නාරම , පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පරීක්ෂණ කටයුතු සඳහා කහ තොගය යාපනය රේගු කාර්යාලයටත්, සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළා.
798 Views
Comments