ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

නිව් ඩයමන්ඩ් නෞකාව ඉන්දියාව දෙසට ඇදගෙන යාම සිදුකරන බවට තොරතුරු වාර්තා වුවද එය මේ වනවිට රැගෙන යමින් ඇත්තේ මැදපෙරදිග මුහුදු කලාපයට බවට වාර්තා වෙයි.

නෞකාවේ පවතින ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමේ අරමුණින් නැව පැමිණි මාර්ගය ඔස්සේ මෙලෙස යළි රැගෙන යමින් පවතියි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට තවත් දින 4 ක් පමණ ගත වනු ඇති බවට වාර්තා වෙයි.

නෞකාව මේ වනවිට මැදපෙරදිග දෙසට ඇදගෙන යාම සිදුකරන අතර, ඊට නාවික හමුදාවට අයත් සමුදුර සහ සයුර යන නෞකා දෙක ද සම්බන්ධ වී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

 

views

721 Views

Comments

arrow-up