අද අලුත් අවුරුදු උදාව අපරභාග 09.05ට

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවේ.
අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වේ.
ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06ට යෙදී ඇති අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනිමොලවා තල් උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගත යුතු බව සිංහල අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වේ.
වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය මධ්‍යම රාත්‍රී 12.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතු වේ.
292 Views
Comments