වැවක දියනෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට

කැබිතිගොල්ලෑව කෝල්බැන්ද වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 සහ 38 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.
එම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව එම නිවස පසුපස ඇති මෙම වැවේ දියනෑමට ගොස් ඇත.
පොලීසිය පවසන්නේ එම පිරිස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙලෙස වැවේ දියනෑමට ගොස් ඇති බවට සැකපළකරන බවය.
එහිදී එම පිරිස අතර සිටි සිව්දෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව ඇතිමුත් දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
262 Views
Comments