නයිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි - 28කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

නයිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි - 28කට කොරෝනා

නයිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි - 28කට කොරෝනා

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශයේ නයිවල ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

 

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 28දෙනෙකුට කොවිඩ්-19 ආසාදනයවී ඇති බවට හදුනාගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා පවසනවා.

 

එම ආසාදිතයින් ඉතා ළගින් ආශ්‍රය කළ ආශ්‍රිතයින් 145දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.

 

එමෙන්ම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂන සදහා යොමු කර තිබේ. අදාළ කර්මාන්ත ශාලාව විෂබීජ හරණය කිරීමට නියමිතයි.

views

908 Views

Comments

arrow-up