ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි - මුහුදු ප්‍රදේශද මද වශයෙන් රලුවේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි - මුහුදු ප්‍රදේශද මද වශයෙන් රලුවේ.

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි - මුහුදු ප්‍රදේශද මද වශයෙන් රලුවේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව, මාතලේ සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

 

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

views

673 Views

Comments

arrow-up