විපක්ෂ නායකකම සජිත්ට දෙන්න රනිල් එකග වේ.

අද (29) සවස එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග පැවති සාකච්ජාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ නම යෝජනා කිරීමට එකඟ වූ බව සදහන්වේ.
මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා ට්විටර් සටහනක් තබමිනුයි මේ බව ප්‍රකාශ කර සිටින්නේ.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ පක්ෂයේ සමගිය වෙනුවෙන් ඕනෑම තීරණයකට තමා සූදානම් බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසුරිය සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ජාවක්ද පැවති බව මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා තම ට්විටර් සටහනේ සඳහන් කර තිබෙන්නේ.
733 Views
Comments