NOV
23
කොළඹ අහස වසන දූවිලි අංශු

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී කොළඹ නගරය ආශ්‍රිතව වායු ගුණාත්මක දර්ශකය ඒකක 150ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය ලබන මාසය තුළ තවත් ඉහළ යා හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.
705 Views
Comments