විදේශ රටවල යුද්ධයට යන පිරිසට අමාත්‍ය මනූෂගෙන් විශේෂ නිවේදනයක්

විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා යොමුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක බවය.
රුසියානු හමුදාවේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මේ සඳහා බඳවා ගෙන ඇති අතර, ඔවුන් වැන්ගර් කුලි හමුදාවේ සේවය සඳහා යොදවාගෙන ඇති බව සඳහන්ය.
එහිදි ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා ඔවුන් යොදවා ඇති බව ද මාස ගණනකින් ඔවුන්ට හිමි වැටුප් පවා ලබා දී නොමැති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා රජයේ අනුමැතියකින් තොරව කිසිදු පුද්ගලයෙකු යුද සේවය සඳහා විදෙස් රටකට යොමුනොකරන බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි.
එබැවින් කිසිදු අවස්ථාවක සංචාරක වීසා මඟින් රැකියා සඳහා විදේශ ගත නොවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් සිදුකරයි.
224 Views
Comments