යුක්රේන කත බේරා ගන්න මුහුදට පැන්න ලාංකික තරුණයා කාන්තාවගේ දිවි බේරා අතුරුදන්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

යුක්රේන කත බේරා ගන්න මුහුදට පැන්න ලාංකික තරුණයා කාන්තාවගේ දිවි බේරා අතුරුදන්වෙයි

යුක්රේන කත බේරා ගන්න මුහුදට පැන්න ලාංකික තරුණයා කාන්තාවගේ දිවි බේරා අතුරුදන්වෙයි

අහංගම ගොයියපාන මුහුදු තීරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශීය කාන්තාවක් බේරා ගැනීමට ඊයේ (01) දහවල් මුහුදුට පනිනු ලැබූ පුද්ගලයකු දියවැලකට හසුවීමෙන් ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව අහංගම පොලිසිය පවසයි.

 

මෙසේ අතුරුදන් වී ඇත්තේ ගොයියපාන අහංගම ප්‍රදේශයේ පදිංචි ජයවීර පටබැඳිගේ ප්‍රභාත් බුද්ධික නමැති (43) ත්‍රිරෝද රථ රියැදුරෙකි.

 

දියේ ගිලීමෙන් සිටි විදේශීය කාන්තාව දිවි බේරාගෙන ඇත. විදේශීය කාන්තාව විදේශීය මිතුරියන් දෙදෙනකු සමග ගොයියපාන වෙරළ තීරයට පැමිණ ඇත.

 

ඇය ගොයියපාන මුහුදු තීරයේ දිය නාමින් සිට ඇත. මෙකී විදේශීය කාන්තාවගේ මිතුරියන් දෙදෙනා ගොඩට වී සිට ඇත.

 

ඇය ගලක එල්ලී කෑගසමින් සිටියදී දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා විදේශීය කාන්තාව බේරා ගැනීම සඳහා දියට පැන ඇත.

 

ඒ සමග ඔහු දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇති බව අහංගම පොලිසිය කියයි.

views

265 Views

Comments

arrow-up