කම්කරු දින මැයි රැළි වලින් පසු කොළඹ අවලස්සන වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

කම්කරු දින මැයි රැළි වලින් පසු කොළඹ අවලස්සන වෙයි

කම්කරු දින මැයි රැළි වලින් පසු කොළඹ අවලස්සන වෙයි

මැයි රැලි ඊයේ (01) පැවැත්වීමෙන් පසු අද (02) උදෑසන වනවිට එම ප්‍රදේශවල විශාල වශයෙන් කැළිකසළ එක් රැස් වී තිබිණි.

 

එම කැළිකසළ ඉවත් කිරීමේ කටයුතු අද උදෑසන සිටම නගර සභා සේවකයින් සිදුකරමින් සිටින අයුරු දක්නට ලැබුණි.

 

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ මැයි දින රැලි කිහිපයක් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර තිබිණි.

 

නමුත් මැයි රැලි අවසන් වීමෙන් පසු කොළඹ නගරෙය් ඇතැම් ස්ථාන දිස්‍වූයේ මෙලෙසයි.

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැලියෙන් අනතුරුව පාක්ෂිකයින් බොරැල්ල පිහිටි සියලු ශාන්තවරුන්ගේ පාසල අසලට කුණු කසල දමා ගොස් ඇති අයුරු දක්නට ලැබිණි.

 

අද උදෑසන පාසලට පැමිණි දරුවන් එම කසළ ඉවත් කිරීමට කටයුතු කළේය.

 

හයිඩ් පාර්ක් ප්‍රදේශය් පැවති පෙරටුගාමි පක්ෂෙය් මැයි දින රැලියෙන් අනතුරුව ඔවුන් කැලිකසල පිරිසිදු කර තිබිණි.

 

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියෙන් පසු එම ප්‍රදේශයේ ද කැළිකසල රැසක් එකතු වී තිබිණි.

 

සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාළිය පැවති කොළඹ ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණ අද උදෑසන නගර සභා සේවකයින් විසින් පිරිසිදු කර තිබුණි.

 

මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි දින රැලිය කොළඹ නෙලුම්පොකුණ වටරවුමේදී පැවැති අතර රැළිය අවසන් වීමෙන් පසු ඔවුන් විසින්ම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර තිබිණි.

 

පාර්ලිමේන්තු රථ ගාලයේද කැළිකසළ එකතු වී තිබෙන අයුරු දක්නට ලැබිණි.

views

214 Views

Comments

arrow-up