හෙරොයින් ජාවාරම් යෙදුණු අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිකරු මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

හෙරොයින් ජාවාරම් යෙදුණු අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිකරු මාට්ටු

හෙරොයින් ජාවාරම් යෙදුණු අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිකරු මාට්ටු

අද (02) දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන රුපියල් කෝටි 15ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියෙන් තවත් තොරතුරු හෙළිදරව්කර තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ මෙම වැටලීමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් ලක්ෂ 15ක මුදල් ද සොයා ගෙන ඇත.

 

එම මුදල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හා සැකකාරියක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිත කළ මෝටර් රථයක් ද සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 51ක් වූ සැකකාරියක් සහ අවුරුදු 45ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම පුද්ගලයා වසර 2ක පමණ කාලයක සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

 

මේ අතර පසුගිය අප්‍රේල් 24 වන දින මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 60ක් හා රුපියල් ලක්ෂ 49ක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි.

 

අත්අඩංගුවට පත්වූ එම සැකකරු මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුගේ මෙරට ප්‍රරධාන ජාවාරම්කරු බවට තොරතුරු අනාවරණය වුණි.

views

247 Views

Comments

arrow-up