කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට TNA විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට TNA විරෝධය

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට TNA විරෝධය

කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙළාදකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.

 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන් හා චාල්ස් නිරමලනාදන් යන මන්ත්‍රීවරුන් මෙසේ විරෝධය පා සිටියි.

 

එහිදී මන්ත්‍රීවරුන් විසින් කියාසිටින්නේ රජය විසින් නිරෝධායන මධ්‍යස්ථාන ගාල්ල හා හම්බන්තොට වැනි ප්‍රදේශයන්හි ඉතා පහසුවෙන් පිහිටුවීමට අවස්ථාව තිබියදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම මගින්ම උතුරු නැගෙනහිර ජනතාවගේ තත්ත්වය වැටහී යන බවට පවසා සිටියි.

 

උතුරු නැගෙනහිර ජනතාව අවදානම් තත්ත්වයකට දමමින් මෙසේ එම ප්‍රදේශයන්හි නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සිදු නොකළ යුතු බවටත් වයිරස්කාරකය වැළඳී ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බහුතරයක් වූ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ඉලක්ක නොකොට වෙනත් ප්‍රදේශයන්හි නිරෝධායනය කිරීමට රජය වහාම පියවර ගත යුතු බවටද දෙමළ ජාතික සන්ධානය විසින් වැඩිදුරටත් පවසයි.

views

532 Views

Comments

arrow-up