හෙට සිට පැය 24 ජල සැපයුම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

හෙට සිට පැය 24 ජල සැපයුම අත්හිටුවයි

හෙට සිට පැය 24 ජල සැපයුම අත්හිටුවයි

පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (10) පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

 

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා - ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා - ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම මේ අනුව අත්හිටුවනු ඇති.

 

හෙට පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

views

1324 Views

Comments

arrow-up