රට ඉදන් ආවොත් දින 14 ක් නිවෙස්වලින් පිට නොයන්නැයි ඉල්ලීමක්

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14 ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයක් කරන ලෙස ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන අය නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන අතර අනෙක් අය දින 14 ක් නිවෙස්වල ස්වයං නිරෝධායනය කරන ලෙස ඉල්ලා තිබෙනවා.
මෙම කාලය තුළ විදේශ සංචාර සීමා කරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
අද උදෑසන වන විට, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් වෙත කොරෝනා වෛරස් රෝගීන් සිටින බවට තහවුරු වී නැහැ.
දිවයින පුරා රෝහල් 6 ක විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු රෝගීන් 16 දෙනෙකු මේ වන විට නිරීක්ෂණයේ සිටී.
993 Views
Comments