රටවල් තුනක සිට පැමිණෙන මඟීන් මඩකලපුවේදී අනිවාර්ය නිරෝධායනය අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

රටවල් තුනක සිට පැමිණෙන මඟීන් මඩකලපුවේදී අනිවාර්ය නිරෝධායනය අද සිට

රටවල් තුනක සිට පැමිණෙන මඟීන් මඩකලපුවේදී අනිවාර්ය නිරෝධායනය අද සිට

රටවල් තුනක සිට පැමිණෙන මඟීන් අනිවාර්ය නිරෝධායනය අද සිට ආරම්භ වනවා.

 

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන පිරිස් මෙලෙස නිරෝධායනයට ලක්කරන බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප‍්‍රකාශ කළේ.

 

සති දෙකක් ඔවුන් රඳවා තබා ගැනීමයි සැලසුම. ඒ සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සූදානම් කර ඇති බව ද සුදත් සමරවීර මහතා සඳහන් කළා.

 

මීටපෙර මෙම රටවල් වලින් පැමිණි මඟීන් ද ඔවුන්ගේ නිවෙස් තුළදීම සති දෙකක පරීක්ෂාවකට ලක්කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් ක‍්‍රියාත්මකයි.

 

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හරහා එම වැඩපිළිවෙල සිදුකෙරෙන බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.

views

2830 Views

Comments

arrow-up