සිරිගම්පල පාතාලයේ වධකාගාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

සිරිගම්පල පාතාලයේ වධකාගාරයක්

සිරිගම්පල පාතාලයේ වධකාගාරයක්

මනුෂ්‍ය ඝාතන,පුද්ගලයන්ට පහර දීම් හා හෙරොයින් ජාවාරම ඇතුළු නඩු ගණනාවකට අදාල ''ඕලු මරා'' නැමති අපරාධ කල්ලි නායකයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත්  අතර වෙන්නප්පුව හා එඅවට  ''ඔලු මරාගේ ''මෙම කල්ලිය සිරිගම්පල ප්‍රදේශයේ මෙම වධකාගාරය පවත්වාගෙන ගොස් ඇත.

 

තරුණයන් පැහැර ගෙනවිත් වධ දෙන අයුරු හා පහර කෑමට ලක්ව තුවාල වී සිටින තරුණයන් කිහිප දෙනකුගේ ජයාරූප හා රූපරාමු'' ඕලු මරාගේ '' නවීන ජංගම දුරකතනයේ තිබී පොලීසය විසින් සොයාගෙන ඇත.ඒ ලෙස තරුණයන්ට වධදෙන අවස්ථා වලදී මෙම පුද්ගලයා ඇතුළු ඔහුගේ සගයන් පිරිස මත්පැන් පානය කරමින් විනෝද වන දර්ශනද පවතින බව පොලිසිය ප්‍රකාශ කර සිටි.

 

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව  පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

views

848 Views

Comments

arrow-up