සකස් කරමින් පවතින දුම්රිය මගේ යතුරුපැදියෙන් ගමන් කල සිසුවෙක් අනතුරකින් මරුට

ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එම තිදෙනා ඉදි කෙරෙමින් පවතින දුම්රිය මාර්ගය දිගේ පාළෙකඩවල සිට ගල්ගමුව නගරය දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ පාළුකඩවල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩබ් එම් ඩ් චමෝද් වාසල නැමැති පාසල් සිසුවෙකි.
තුවාල ලැබා ඇති අනෙක් දෙදෙනාද එම ප්‍රදේශයේම පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි. අනතුරට පත්වීමෙන් පසු එක් අයකු යාබද නිවසකට ගොස් එම නිවසයන්ගෙන් උදව් ඉල්ලා ඇත.
ඔවුන් එම ස්ථානයට පැමිණ ඇළට වැටී සිටි අයද ගොඩට ගෙන 1919 ගිලන් රථ සේවයට දැනුම් දී තිදෙනා ගල්ගමුව මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එක් සිසුවකු මිය ගොස් ඇත.
අනෙක් සිසුන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් සිසුවකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
300 Views
Comments