කුඩු ජාවාරමාට එස්.ටී.එෆ්. කොස්තාපල් කෝල් 800ක් අරන් - සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

කුඩු ජාවාරමාට එස්.ටී.එෆ්. කොස්තාපල් කෝල් 800ක් අරන් - සැකකරු අත්අඩංගුවට

කුඩු ජාවාරමාට එස්.ටී.එෆ්. කොස්තාපල් කෝල් 800ක් අරන් - සැකකරු අත්අඩංගුවට

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටි බවට සැකකරන පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙක් එම බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

සැකකාර කොස්තාපල්වරයා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග දුරකථන සම්බන්ධතා 800කට අධික ප්‍රමාණයක් පවත්වා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

 

සැකකාර කොස්තාපල්වරයා පිළිබඳව තොරතුරු හෙළි වී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ජංගම දුරකථනයක් පරීක්ෂා කිරීමේ දීය.

 

කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් රිදීගම ප්‍රදේශයේ දී කළ වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

 

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මෙම ජාවාරම්කරුගේ ජංගම දුරකථනයේ විශේෂ කාර්ය බළකායේ මෙම කොස්තාපල්වරයා සමග සිදුකර ඇති දුරකථන සංවාද පිළිබඳව සටහන්ව ඇත.

 

සැකකාර කොස්තාපල්වරයා ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ විශේෂ යතුරුපැදි ඒකකයේ රාජකාරි කරන නිලධාරියෙකි.

 

පසුව කුරුණෑගල කඳවුරේ විශේෂ කණ්ඩායමක් පැමිණ සැකකාර කොස්තාපල්වරයා ගෝනහේන කඳවුරේ දී අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු රිදීගම පොලිසිය වෙත භාර දී තිබේ.

views

60 Views

Comments

arrow-up