මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි දී අනාවරණය කරගත් තොරතුරු අනුව ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා තහනම් මත්කරල් 1,400 ක් සන්තකයේ තබාගෙන සිටි කොකුවිල් බටහිර, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට මෙම වැටලීම සිදුකර ඇත.
223 Views
Comments