කුඩ්ඩාට සපෝට් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

කුඩ්ඩාට සපෝට් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට වැඩ වරදී

කුඩ්ඩාට සපෝට් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට වැඩ වරදී

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයෙක් සහ දොරටියාව පොලිසියේ සාජන්වරයෙක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

 

ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි සම්පත් නැමැත්තකු සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා සහ සාජන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

රැඳවුන් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඩුබායි සිටින සම්පත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

 

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි විමර්ශනයක් පවත්වා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

views

91 Views

Comments

arrow-up