කන්ටේනරය පෙරළි සිදුවූ අනතුරින් හතරක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

කන්ටේනරය පෙරළි සිදුවූ අනතුරින් හතරක් රෝහලට

කන්ටේනරය පෙරළි සිදුවූ අනතුරින් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර්  ටැංකියක් සහිතව  ධාවනය වූ විශාල ලොරි  රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය අසලදී මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි රියදුරු හා  රිය සහායකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු  තුවාල ලබා රෝහල්ගත කළ බව ඇටම්පිටිය  පොලීසිය පැවසීය.

 

එහි  රියදුරු අසුනේම යකඩ වලට සිරවී සිටියදී පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව මහත් පරිස්සමයක් දරා පැයක පමණ මෙහෙයුමකින් බේරාගෙන රෝහල් ගත කළ බවද පොලිසිය පැවසීය.

 

මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වැසී ඇති අතර ගමනාගමනය සඳහා එක් මං තීරුවක් විවෘත කළ බවද පොලිසිය පැවසීය.

 

කන්ටේනර්  රථයේ තිරිංග ක්‍රියා විරහිතවීම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. 

views

122 Views

Comments

arrow-up