APR
19
හබලකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කරයි

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු හතළිස් එකක මුල්ගල යාය 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 67 ක පුද්ගලයකු සහ අවුරුදු 47 ක අඹු සැමි යුවළ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
240 Views
Comments