අද කාලගුණය

බස්නාහිර, සබරගමුව,වයඹ, ඌව සහ මධ්‍යමපළාත්වලත්අනුරාධපුර, වවුනියා,මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව සහමධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
250 Views
Comments